Search

වික්ටෝරියා CHO ඉල්ලා අස්වෙයි හේතුව මෙන්න

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ක්ලෙයාර් ලුකර් මෙම වසර අවසානයේදී ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් මාසයේදී ඇයගේ වත්මන් කොන්ත්‍රාත්තුව අවසන් කරන බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ.

COVID වසංගතය අතරතුර නියෝජ්‍ය සෞඛ්‍ය නිලධාරි ලෙස සේවය කර ඇති ඇය වෛද්‍ය බ්‍රෙට් සූටන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව 2023 ජූලි මාසයේදී මෙම ධුරයට පත් කරනු ලැබුවා.

නව සෞඛ්‍ය නිලධාරිවරයෙක් බඳවා ගැනීම සිදු වෙමින් පවතින අතර ලුකර් පැවසුවේ මෙම ධුරයේ සේවය කිරීමට ලැබීම ගැන ආඩම්බර වන බවයි.

ක්ලෙයාර් ලුකර් ධුරයෙන් සමු ගැනීමත් සමග ඇයගේ භූමිකාවට සහාය වූ මහාචාර්ය බෙන් කෝවි ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත් වනු ඇති.

කෙසේවෙතත් ඔහු මෙල්බන් රාජකීය රෝහලේ සහ ඩොහර්ටි ආයතනයේ කටයුතුවල තවදුරටත් රැඳී සිටින බවයි සඳහන් වන්නේ.

විශේෂයෙන් කොවිඩ් වසංගතය අතරතුර දැක්වූ දායකත්වය වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා ඔවුන් දෙදෙනාටම ස්තූති කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »

වික්ටෝරියාවේ ගෑස් අර්බුදය යළිත් උග්‍ර අතට

අධික ගෑස් මිල ගණන් සහ සීමිත සැපයුම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කර්මාන්තකරුවන් ගෝලීය වෙළඳපොළේ ගැටලු රැසකට මුහුණ දෙන බවට නවතම වාර්තාවක් හෙළිකර තිබෙනවා.

Read More »