
ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි නිවාස මිල ගණන් යළිත් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව Gold Coast Property market වාර්තා අනුව ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි නිවාස මිල ගණන් යටතේ අවම මිල ඩාවින් නගරගෙන් වන අතර එහි නිවාස මිල සටහන්ව ඇත්තේ ඩොලර් 117,200 ක් ලෙසයි.
දැරිය හැකි නිවාස මිල ගණන් හි වැඩිම අගය සටහන් වන ප්‍රාන්ත අතර සිඩ්නි, කැන්බරා සහ බ්‍රිස්බන් ඉදිරියෙන්ම සිටිනවා.

සිඩ්නි හි දැරිය හැකි නිවාස මිල ගණන් ඩොලර් 249. 800ක් වන අතර කැන්බරා හි ඩොලර් 175,200ක් ද බ්‍රිස්බන්හි ඩොලර් 1750, 00ක් ලෙසයි වාර්තා වන්නේ.
මේ අතර මෙල්බන් හි දැරිය හැකි නිවාස අගය වෙනස් වී තිබෙන අතර ප්‍රධාන නගර සැළකීමේ දී මෙල්බන් වලට හිමිවන්නේ 4 වන ස්ථානයයි.

ඒ අනුව මෙල්බන්හි දැරිය හැකි නිවාස අගය සටහන් වන්නේ ඩොලර් 168,200ක් ලෙසයි.
හෝබාර්ට් හි දැරිය හැකි නිවාස අගය සටහන් වන්නේ ඩොලර් 132,800ක් ලෙස වන අතර පර්ත් හි දැරිය හැකි නිවාස අගය ඩොලර් 154800ක් ලෙස සඳහන්.
තවද දැරිය හැකි නිවාස මිල ගණන් සැලකීමේ දි නිවාස අගය ක්‍රමයෙන් අඩුවන ප්‍රධාන නගරය ලෙස ඩාවින් නගරයි නම් කර ඇත්තේ.