Search

ඔස්ට්‍රේලියානුවන්ගේ Account Balance වයසත් එක්ක ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ වයස අනුව බැංකු ගිණුම් හී කොපමණ ඉතුරුම් මුදලක් පවත්වාගත යුතුද යන්න නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

වෙස්ට්පැක් සංඛ්‍යාලේඛනවලට අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ බැංකු ගිණුම් හි පවතින මූල්‍ය තත්වය අනුවයි මෙම වර්ගීකරණය සිදු කර ඇත්තේ.

වයස අවුරුදු 17ට අඩු ඔස්ට්‍රේලියානුවන්ගේ බැංකු තැන්පතු හි ඉතුරුම් හි සාමාන්‍ය අගය ඩොලර් 2729 ත් 3017 ක අගයක් ගන්නා බව සඳහන්.

තවද වයස අවුරුදු 18 සිට 24 දක්වා වයස් කණ්ඩායම් හි බැංකු ගිණුම් ඉතුරුම් අගයෙහි සාමාන්‍ය ඩොලර් 2828 ක් වන අතර වයස අවුරුදු 25 සිට 34 දක්වා ඔස්ට්‍රේලියානුවන් සාමාන්‍ය බැංකු ඉතුරුම ඩොලර් 7995 ක අගයක් ගන්නා බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

වයස අවුරුදු 35 ත් 44 ත් අතර ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් බැංකු තැම්පතුව ඩොලර් 11,967 ක අගයක් පවතින අතර ඔවුන් සියයට 22 ක ඉතුරුම් ඉලක්කයක් පවතින බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 45 සිට 54 දක්වා මැදි වියේ පසුවන ඔස්ට්‍රේලියානුවන්ගේ බැංකු ගිණුම් ඉතුරුම් අගයෙහි සාමාන්‍යය ඩොලර් 20,165ක් බව සඳහන්.

වයස අවුරුදු 55 සිට 64 දක්වා විශ්‍රාම වයසේ පසුවන ඔස්ට්‍රේලියානුවන්ගේ ගැනීම සාමාන්‍ය බැංකු ඉතුරුම් අගය ඩොලර් 32,800 ක් වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »