චීන වෙළදපළෙහි විද්‍යුත් වාහන ප්‍රමුඛයා ලෙස සැලකෙන BYD හි මෙවර කාර්තුමය ආදායම, පළමු වරට ඒලෝම් මස්ක්ගේ ටෙස්ලා පරදවමින් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එහි තුන්වන කාර්තුවේ ශුද්ධ ලාභය සියයට 11.5 කින් ඉහළ ගොස් ඇති බවයි.
BYD ශක්තිමත් විකුණුම් වේගයක් පවත්වා ගෙන යමින් ජුලි,සැප්තැම්බර් කාර්තුවේදී ශුද්ධ ලාභය යුවාන් බිලියන 11.6 (ඩොලර් බිලියන 1.63) දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඉහළ යාම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 24ක වැඩිවීමක් බව සදහන්.
කෙසේ වෙතත් ටෙස්ලා තවමත් ජූලි සිට සැප්තැම්බර් දක්වා ගෝලීය වශයෙන් EV අලෙවිය අතින් BYD පරදවයි.