Search

ආනයනික පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බව තහවුරුවෙයි

සැක සහිත ආනයනික පොල්තෙල් සාම්පල් සියල්ලේම ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරකය අන්තර්ගතවී ඇති බවට තහවුරු වී තිබෙනවා

මේ බව අනාවරණය කර ඇත්තේ සමාගම් තුනකින් ආනයනය කරන ලද පොල්තෙල් සාම්පල් පරික්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය රේගු දෙපාර්තමේන්තුව වෙත අද (29) පෙරවරුවේ ලබාදුන් වාර්තාව මගින්.

ඒ අනුව අදාළ ප්‍රමිතියෙන් තොර බහාලුම් සියල්ල වහාම යළි හරවා යැවීමට තීරණය කළ බවයි පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ.

මෙවැනි තත්ත්වයක පවතිත් දී සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදිකයන් සඳහන් කළේ උත්සව සමයේ පොල් තෙල් හිඟයක් මෙන්ම මිල ඉහළ යාමක්ද සිදුවිය හැකි බවයි.

මෙරට වාර්ශික පොල් තෙල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් එක් ලක්ෂ අසූ දහසක් ඉන් එක් ලක්ෂ තිස් දහසක්ම ආනයනය කරනු ලබනවා.