Search

අද සිට ඔස්ට්‍රේලියාවේ ක්ෂේත්‍ර 4ක කම්කරුවන්ට වැටුප් වැඩිවෙයි

ෆෙඩරල් රජය විසින් ‘එකම රැකියාව එකම වැටුප්’ නීති අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කම්කරුවන් 3000කට වැඩි පිරිසකට ලබන වැටුප් දිනයේදී සැලකිය යුතු වැටුප් වැඩිවීමක් සිදුවන බවයි වාර්තා වන්නේ.

ශ්‍රම කුලී සමාගම් විසින් සේවයේ යොදවන කම්කරුවන් සඳහා මෙතෙක් පනවා තිබූ ඇතැම් වැටුප් තත්වයන් අහෝසි වනු ඇති.

මෙම වැටුප් වැඩිවීම ශ්‍රම කුලී සමාගම් මත දැඩි ලෙස රඳා පවතින අතර එම ක්ෂේත්‍ර ලෙස පතල් කැණීම, ගුවන් සේවා, ගබඩා කිරීම් සහ මස් සැකසීම ඇතුළු කර්මාන්තවලට බලපාන බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රතිලාභ ලැබෙන පළමු කාණ්ඩය අතර ගෘහස්ථ ක්වාන්ටාස් ගුවන් සේවිකාවන් 800කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන්ගේ මීළඟ වැටුප් චෙක්පතෙහි අද සිට සියයට 28 දක්වා වැටුප් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ක්වන්ටාස් හිටපු සභාපති ඇලන් ජොයිස් මෙම වැඩුප් වැඩිවීම් වලට අදාළ තත්වයන්ට කිසිවිටෙකත් එලග වී තිබුනේ නැහැ.

‘එකම රැකියාව, එකම වැටුප්’ යන නව නීති යටතේ දහස් ගණනක් ඔස්ට්‍රේලියානු කම්කරුවන් ඉදිරියේදී ප්‍රතිලාභ හිමිවනු ඇති.