
ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබේ.
නව නීතිපති ලෙස Michaelia Cash පත්කොට ඇති අතර ආරක්ෂක ඇමති ධුරය Peter Dutton හට ලබා දී තිබේ.
Christian Porter සහ Linda Reynolds යන මන්ත්‍රීවරුන්ට ඔවුන් දරමින් සිටි සිය කැබිනට් අමාත්‍ය ධුර අහිමි විය.

Peter Dutton දරමින් සිටි ස්වදේශ කටයුතු ඇමති ධුරය Karen Andrews හට බාරදී ඇත.
Marise Payne මූලික වශයෙන් “කාන්තා අගමැති” බවට පත්වන බව අගමැති මොරිසන් පැවසීය.

අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු හට ස්ත්‍රී දූෂණ චෝදනා මෙන්ම කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ අපහරණය කළ බවට චෝදනා කිහිපයක් නැගෙන්නට විය.
පීඩන හමුවේ ලිබරල් සන්ධාන රජය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට මෙම කැබිනට් සංශෝධනය සිදුකළ බව අගමැති මොරිසන් පැවසීය.