Search

අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එළැඹෙන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අද (31) පස්වරුවේ සැකකාර හිටපු අමාත්‍යවරයාව නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මිරිහාන පොලිසිය විසින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද පස්වරුවේ හිටපු අමාත්‍යවරයා රැගෙන ආ බව සදහන්.

ලියාපදිංචි නොකළ බවට සැලකෙන සුඛෝපභෝගී වෑන් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව අද පස්වරුවේදියි මිරිහාන පොලිස් ස්ථානයට රැගෙන විත් ඇත්තේ.

ඒ සැකකාර රත්වත්තේ මහතාව අද පෙරවරුවේ ඔහුගේ ගම් පළාත වන මහනුවර, කටුගස්තොට දී අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන – ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක නවතා තිබියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වර්ගයේ නවීන සුදු පැහැති මෝටර් රථයක් මෙලෙස පොලිස් භාරයට ගැනුණා.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »