Search

දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා ප්‍රාන්ත බ්‍රිස්බන් සමග ප්‍රාන්ත සීමා වසා දමයි

සංචරණ සීමා පැණවීම හේතුවෙන් බි්‍රස්බන් නගරය සමග වන ප්‍රාන්ත සීමා වසා දැමීමට දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා ප්‍රාන්ත තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මේ දක්වා එවැනි තීරණයක් ගෙන නැහැ.

අද පස්වරු 05 න් පසු බ්‍රිස්බන් නගරයේ සිට දකුණු ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සියල්ලන් දින 14 ක නිරෝධායනයකට යටත්වීමටද සිදුවනවා.

බි්‍රස්බන් නගරයට සංචරණ සීමා පැණවීම සඳහා අගමැති ස්කොට් මොරිසන්ද අනුමැතිය දී තිබෙනවා.