Search

ලෝක ප්‍රසිද්ධ ෆූජි කන්ද වසර 130ක වාර්තාවක් බිඳ දමයි.

ලෝක ප්‍රසිද්ධ ෆූජි කන්ද වෙත වසර 130කට පසු හිමපතනයක් සිදු නෝවු වසර ලෙස 2024 වාර්තා අතරට එක්ව තිබෙනවා.

සෑම වසරකම ඔක්තෝබර් වන විට ෆූජි කන්ද මතට හිම පතනයන් සිදුවුවද මෙවර වසර 130කට පසු එවැනි හිම පතනයක් සිදු නොවීම විශේෂත්වයක්

එය වසර 130කට පෙර එහි හිමපතනය ගැන වාර්තා තැබීම ආරම්භ වුණු දා සිට, හිම රහිතව පැවති වසරේ නවතම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

ජපානයේ උස ම කන්ද වන මෙහි මුදුන මතට සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස මුල වන විට හිම පතනය ආරම්භ වන නමුත් අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වසරේ මෙතෙක් හිම පතනයක් වාර්තා වී නැහැ.

2023 වසරේදී කඳු මුදුන මත මුල් වරට හිම දර්ශනය වී ඇත්තේ ඔක්තෝබර් 5 වන දාලෙස සටහන් වන අතර
ජූනි සහ අගෝස්තු මාස අතර ජපානයේ මේ වසරේ වාර්තාගත උණුසුම් ම ගිම්හානය වාර්තා වී තිබෙනවා.

එම කාලයේ උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ඉක්මවා යමින් සෙල්සියස් අංශක 1.76ක් ලෙස උෂ්ණත්ව අගයක් සටහන් ව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »