
වියා සිස්ටිනා (Via Sistina) අශ්වයා මෙවර Melbourne Cup සදහා තරග නොකරන බව හිමිකාරීත්වය දරන “Yulong invesment” ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා Moonee Valley හීදී පැවති “Cox plate” ශූරතාවය දිනාගනු ලැබුවේ වියා සිස්ටිනා (Via Sistina) වීමද විශේෂත්වයක්.
Via Sisitina නිල වශයෙන් ලොව අංක එකේ තරඟ අශ්වයා බවට පත්වූ බවත් “Cox plate” ශූරතාවය ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව තිබූ බවයි X ගිණුමේ සටහනක් තබමින් Yulong Invesments ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

2024 මෙල්බන් කුසලාන තරගය නොවැම්බර් 5 අගහරුවාදා සවස 3 ට Flemington ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම තුරඟ ධාවන තරගය ලෙස සැලකෙන මෙල්බන් කුසලානය සදහා මෙවර අශ්වයින් 123 දෙනෙක් ඇතුලත් වී තිබීම කැපී පෙනනවා.

මෙවර මෙල්බන් කුසලානයේ සමස්ත ත්‍යාග මුදල ඩොලර් ලක්ෂ 80 ක් පමණ වන අතර 2023 වසරේ මෙල්බන් කුසලානය දිනාගනු ලැබුවේ “Without A Fight” අශ්වයා විසිනුයි.