
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් Qantas ගුවන් සමාගමෙන් පලමු පන්තියට ගුවන් ගමන් වාර උසස් කරන ලෙස ඉල්ලීම් කර තිබෙන බව වාර්තා වෙනවා.
එවැනි පසුබිමක හිටපු අගමැතිවරයෙකු වූ ටෝනි ඇබට් ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයා ව සිටි කාලයේදී Qantas සමාගමෙන් ලැබුණු පලමු පන්තියේ ගුවන් ගමන් වාර ලබා නොගත් බවයි.
ටෝනි ඇබට් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ තමන් අගමැතිවරයා ව සිටි සමයේ පෞද්ගලික නිවාඩුවක් සදහා පැරීසියට ගිය අවස්ථාවේදී පවා නොමිලේ ලබාදුන් පලමු පන්ති ගමන් වාරය ප්‍රතික්ෂේප කළ බවයි.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් අවම වශයෙන් ගුවන් ගමන් පන්ති උසස් කිරීම් (Upgrade) 22 ක් පමණ ලබාගෙන ඇති බවත් ඒවා ලබාගෙන ඇත්තේ ප්‍රවාහන අමාත්‍යවරයා හෝ ඡායා කැබිනට් අමාත්‍යවරයා ව සිටි කාලයේදී බවටයි හිටපු AFR මාධ්‍යවේදෝ ජෝ ඇස්ටන් විසින් හෙළිදරව් කර ඇත්තේ.
ජෝ ඇස්ටන් විසින් රචනා කරන ලද “The Chairman’s Lounge” නම් ග්‍රන්ථයේ වැඩිදුරටත් සදහන් ව ඇත්තේ වත්මන් අගමැතිවරයා පෞද්ගලිකවම Quantas හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ජොයිස් අමතා මෙම ඉල්ලීම් සිදුකර ඇති බවයි.

විවේචකයන් අර්ථ දක්වන්නේ අගමැතිවරයාගේ මෙම නුසුදුසු හැසිරීම අමාත්‍ය මාර්ගෝපදේශ පවා උල්ලංඝනය කිරීමක් විය හැකි බවයි.