Search

නිලධාරීන්ගේ හිඟය නිසා 000 අනතුරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් ට්‍රිපල් සීරෝ හදිසි ඇමතුම්වලට පිළිතුරු ලබාදීම බොහෝ දුරට මගහැරෙන බවට මාධ්‍ය වෙත අනාවරණ වූ ඊමේල් කිහිපයක් මගින් හෙළිවී තිබෙනවා. 

 

පොලිස් ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන හදිසි ඇමතුම්වල ප්‍රමාණය සමග සමඟ කටයුතු කළ නොහැකි අතර මහජනතාවට තම වගකීම් ඉටු නොවන බවයි අදාළ පොලිස් ඊමේල් පණිවුඩයේ සඳහන් වී ඇත්තේ. 

 

පසුගිය දින 7 තුළ, ආසන්න වශයෙන් පැය 800ක අතිකාල ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් භාවිතා කර තිබූණ ද සෑම ඇමතුමකටම පිළිතුරු ලබාදීමට හැකියාව නොමැති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. 

 

මෙම සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස අතිකාල සේවයේ නිරත වීමට කැමති නිලධාරීන්ට හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ සේවය කරන ලෙසට ද පොලිස් ප්‍රධානින් ඉල්ලා ඇති බව සඳහන්. 

 

මේ අතර ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් ක්‍රිසාෆුලි ඊයේ පොලිස් කොමසාරිස්වරයා හමුවී කාර්ය මණ්ඩල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

 

පොලිසිය වෙන කවරදාටත් වඩා පීඩනයකට ලක්ව ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »