Search

ඇපල් සමාගම ලොව ප්‍රමුඛ රටකට iphone 16 තහනම් කරයි

ඉන්දුනිසියාව Apple සමාගමට අදාළ දේශීය ආයෝජන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීමෙන් පසුව ඉන්දුනීසියාවේ iphone 16 මාදිලි විකිණීම Apple සමාගම විසින් තහනම් කර තිබෙනවා.

ස්මාර්ට් ෆෝන් සඳහා ඉන්දුනිසියාව සියයට 40ක දේශීය අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්, දුරකථන දේශීය වශයෙන් අලෙවි කළ නොහැකි බවට පසුගිය 25 වනදා ඉන්දුනිසියා කර්මාන්ත අමාත්‍යාංශ විසින් සිදුකළ ප්‍රකාශයකින් පසුවයි ඇපල් සමාගම මෙම පියවර ගෙන තිබුණේ.

Apple සමාගම දළ වශයෙන් ඩොලර් මිලියන 95ක් පමණ ඉන්දුනිසියාවේ ආයෝජනය කර ඇති බව සදහන්.

Apple සමාගම මේ වන විට ගෝලීය වශයෙන් චීනය තුළ ශක්තිමත් iPhone අලෙවියක් පෙන්නුම් කරන අවස්ථාවක මෙම තහනම පණවා තිබීම විශේෂත්වයක්.

විශේෂයෙන්ම iPhone මාදිලි ඉන්දුනීසියාව තුළ සැලකිය යුතු වෙළෙඳපොළක් පවතින අතර මිලියන 270ක් සිටින ඉන්දුනිසියාවේ මිලියන 350 කට අධික ජංගම දුරකථන තිබෙන බව වාර්තා වනවා.

මේ වන විට ආසන්න වශයෙන් iPhone 16 දුරකතන 9000 ක් පමණ ඉන්දුනිසියාවේ පවතින අතර මෙම උපාංග පුද්ගලික භාවිතයට සීමා කර ඇති අතර ඒවා වාණිජමය වශයෙන් අලෙවි කළ නොහැකි බව ඉන්දුනිසියාව සිය ජනතාවට දැනුම් දී තිබෙනවා.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »