
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනුව කාර්තුමය පාරිභෝගික මිල දර්ශකය ජුනි මාසයේදී සියයට 3.8 සිට සියයට 2.8 දක්වා පහත වැටි තිබෙනවා.
ඒ 2021 වසරෙන් පසු මෙවැනි අගයකින් උද්ධමනය පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි.
ෆෙඩරල් රජය බලශක්ති සහන සහ පෙට්‍රල් මිල පහත දැමීමට ගත් පියවර හේතුවෙන් මෙලෙස උද්ධමනය මන්දගාමීත්වයක් පෙන්නුම් කළ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සංචිත බැංකුව උද්ධමන අගය සියයට 2-3 යන ඉලක්කගත පරාසය තුළ සිටියද නත්තල් සමය මුල් කරගෙන පොලි අනුපාත කප්පාදුවක් සිදුනොවනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසනවා.
ෆෙඩරල් සංචිත බැංකුවේ රැස්වීමක් ලබන සතියේ පැවැත්වෙන අතර ජනතාව පොලි අනුපාතික අඩුවීමක් මෙන්ම උත්සව සමයට සමගාමීව සහන ලැබේයැයි අපේක්ෂාවෙන් සිටින බව සදහන්.

ආණ්ඩුකාර මිචෙල් බුලොක් සදහන් කළේ මෙරට උද්ධමනය තිරසාරව පහත දැමීමක් අපේක්ෂා කරන බවයි.