Search

නොවැම්බර් පළමු සතියට සූදානම් වීමට ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දීමක්

නොවැම්බර් පළමු සතිය ඔස්ට්‍රේලියානුවන්ට වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සහිත සතියක් වන බව කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු වායුගෝලය පුරාම නොවැම්බර් මස සිට දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඇතැම් ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවිය හැකි අතර පසුගිය සතියේ වාර්තාගත වැඩිම උෂ්ණත්වයක් සටහන් වූයේ Roebourne ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ සෙල්සියස් අංශක 45.3 ක් වන අතර එය වසර 15කට පසු ඔක්තෝබර් මාසයක වාර්තා වූ වැඩිම උෂ්ණත්වයද වනවා.

මෙම සති අන්තයේ සෙනසුරාදා දින දකුණු ඔස්ට්‍රේලියාවටත් ඉරිදා දින නැගෙනහිර ඔස්ට්‍රේලියාවටත් උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බව සදහන්.

නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව, නොදන් ටෙරිටරි සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට මේ සති අන්තයේ සෙල්සියස් අංශක 40 ඉක්මවා උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඉරිදා දින වික්ටෝරියා ඇතුළු දකුණු ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ වලට ලැව් ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බැවින්  නිවැසියන් ඒ ගැන අවදානයෙන් පසුවන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.