Search

වසරකට පසු ලංකාවේ පාසල්වල සියලු ශ්‍රේණිවල ඉගැන්වීම් අද සිට

බස්නාහිර පළාතේ සියලූ පාසල්වල සියලූ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ආරම්භවනවා.

එමෙන්ම පෙර පාසල්ද අද සිට ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කලේ.

බස්නාහිර පළාතේ පාසල්වල 05 / 11 සහ 13 යන ශ්‍රේණි පමණක් අධ්‍යයන කටයුතු සඳහා ඉකුත් 15 වැනිදා සිට ආරම්භ කෙරුණා.

අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණේ ලබන අප්‍රේල් මස 19 වැනිදායි.

එහෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවීමත් සමග බස්නාහිර පළාතේ සියලූ පාසල්වල සියලූ ශ්‍රේණි අද සිට ආරම්භ කිරීමට තීරණය කෙරුණා.

මේ අතර කොළඹ අගරදගුරු පදවියේ සියලූම කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල සියලූ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ආරම්භ වන්නේ නැහැ.

අප්‍රේල් මස 05 වනදා ඒවා ආරම්භ කරන බවයි කතෝලික පෞද්ගලික පාසල් ප්‍රධාන කළමනාකාර ගැමුණු ඩයස් පියතුමන් සඳහන් කළේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »