
ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාවන්ගේ ජනගහනය අනුව ශ්‍රී ලාංකිකයන්ට 11 වන ස්ථානය හිමිව තිබෙනවා.
එය සමස්ත සංක්‍රමණික ප්‍රජාවෙන් සියයට 1.9ක් වන අතර එය ඔස්ට්‍රේලියානු සමස්ත ජනගහනයෙන් සියයට 0.6 ක් ලෙස සදහන්.
අවසන් වරට යාවත්කාලීන කරන ලද සංඛ්‍යාදත්තවලට අනුව ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකිකයින් 145,430 ක් ජීවත් වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

2012 ජූනි මස 30 වන දින වන විට ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 104,950 ක් වන බවත් නව සංඛ්‍යාදත්තවලට අනුව එම ප්‍රමාණය 38.6% කින් වර්ධනය වී ඇති බව සදහන්.
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ වයස මධ්‍යනයක් ලෙස ගත්කල අවුරුදු 42.3 ක් පමණ වන අතර එය සමස්ත ජනගහනය සමග සැසදීමේදී පෙන්නුම් කරන්නේ අවුරුදු 3.8 ක වැඩි වීමක්.

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන ශ්‍රී ලාංකික ජනගහනය තුළ පිරිමින් සියයට 52.0 ක් සිටින අතර කාන්තාවන් සිටින්නේ 48.0 ක් පමණ සිටින බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
එම ශ්‍රී ලාංකිකයින් අතුරින් වැඩි දෙනෙක් වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන අතර දෙවනුවට වැඩිම ප්‍රමාණයක් නිව් සවුත් වේල්ස් හි වාසය කරනවා.