
බ්‍රිස්බන් අවට සාමාන්‍ය නිවාස මිල තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තා අනුව හෙළිවී තිබෙනවා.
ගතවූ මාස තුනක කාලයක් තුල බ්‍රිස්බන්හි නිවාස මිල සියයට 1.5කින් ඉහළ ගොස් ඇති අතර එය අඛණ්ඩව මිල ඉහළ ගිය හත්වන කාර්තුව ලෙසටයි සටහන් වන්නේ.
අඟහරුවාදා නිකුත් කරන ලද නවතම නිවාස මිල වාර්තාව පෙන්නුම් කරන්නේ සැප්තැම්බර් කාර්තුවේදී බ්‍රිස්බන් නිවාසවල සාමාන්‍ය අගය ඩොලර් 994,945ක් ලෙස සටහන් වී ඇති බවයි.

එම මිල ඉහළ යාමේ වේගය එලෙසම පැවතුණ හොත් තවත් සති කිහිපයකින් ඩොලර් මිලියනයේ සීමාවට ළඟා විය හැකි බව ද එම වාර්තාවල දැක්වෙනවා.
වසර 25 කට පසු මෙල්බර්න් නිවාස ඒකකයක මිලට සාපේක්ෂව බ්‍රිස්බන් හි නිවාස මිල ඉහල ගිය පලමු අවස්ථාවද මෙය බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් කාර්තුව වනවිට මෙල්බන් හි සාමන්‍ය නිවාසයක මිල ඩොලර් 1,024, 243 ක් ලෙස සනිටුහන් වුව ද මෙම කාර්තුවේදී එම අගය සියයට 1.5 කින් මිල අඩුවීමක් පෙන්නුම් කරනවා.
බ්‍රිස්බන් හි සාමාන්‍ය නිවාස ඒකකයක මිල ඩොලර් 20,000 කින් හෝ සියයට 3.3 කින් මාස තුනක් තුළ ඉහළ ගොස් ඇති අතර එය අගනගරවල වාර්තා වූ වැඩිම ලාභය ලෙසට ද සඳහන්.