Search

ඔස්ට්‍රේලියානු $ අගය අද රු.198 යි මහබැංකුව මුදල් අච්චු ගහලත් නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (ඔක්තෝබර් 29) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන්වූයේ රුපියල් 198 යි ශත 08 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 188 යි ශත 31 ක් ලෙසයි.

මේ අතර මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් අච්චු ගැසූ බවට පලවන පුවත අසත්‍යක් බව ත්

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එසේම කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක්ද මේ දක්වා ලබා ගෙන නොමැති බවත් ඔහු පැවසීය.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සදහන් කළා..

සාමාණ්‍යයෙන් මහ බැංකුවේ ක්‍රම වේදයක් තියෙනවා භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කල්කුත් වෙනකොට ඊට සමානුපාතිකවඅලුත් ඒවා නිකුත් කරන එක. ක්‍රියාවලිය හැමදාම සිද්ද වෙන දෙයක්.   වගේම මුදල් අච්චු ගැසීම ගත්තොත් ඇත්තටමඅලුතින් මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ, කරන්න බෑ ඒක පැහැදිළිව තියෙනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. අපිත්ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න හැබැයි තාම නම් එහෙම එකක් නිකුත් වෙලා නෑ. ඒක සම්පූර්ණ අසත්‍යප්‍රවෘත්තියක්

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »