Search

සංඥා භාෂා පරිවර්තකයින්ට ඔස්ට්‍රේලියාවේ ඉල්ලුම වැඩි වෙයි

වර්තමානය වනවිට ඔස්ට්‍රේලියාව තුළ සංඥා භාෂා පරිවර්තකයන්ගේ විශාල හිඟයක් පවතින බවට වාර්තා වනවා.

 

මෙයට හේතුව වී ඇත්තේ අදාළ (Auslan) පරීක්ෂණ සදහා පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් අඩකට වැඩි පිරිසක් අසමත් වීම බවයි සඳහන් වන්නේ.

 

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුළ වලංගු සහතික පත්‍රයක් සහිත සංඥා භාෂා පරිවර්තකයන් 747ක් පමණ සිටින අතර නවතම සංගණනයකට අනුව හෙළිවී ඇත්තේ වන්නේ බිහිරි පුද්ගලයන් 16,000 කට වැඩි පිරිසක් නිවසේ සිට  (Auslan) භාවිතා කරන බවයි.

 

සුදුසුකම් ලත්  (Auslan) භාෂා පරිවර්තකයෙකු වීම සදහා අනුමත පාඨමාලාවක් හැදෑරීම අනිවාර්ය වුවද ඇතැම් උසස් අධ්‍යාපන ආයතන තුළ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට සුදුසු කාර්ය මණ්ඩලයක් නොමැති බවට ශිෂ්‍යයන් මැසිවිලි නගනවා.

 

2022 වසරේදී සිදුකරන ලද සංගණනයට අනුව බිහිරි සහිත ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 75කට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ සුදුසුකම් සපුරා ඇති භාෂා පරිවර්තකයන්ගේ හිඟය නිසා ඔවුන්ට භාෂා පරිවතකයන් සමඟ කටයුතු කිරීමට අවස්ථාවක් හිමි නොවන බවයි.

 

ආබාධිත රාජකීය කොමිසම මගින් 2025 වසරේ ජනවාරි මාසය වනවිට ප්‍රාන්ත සහ කලාප මට්ටමින් භාෂා පරිවර්තකයන්ගේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණය වැඩි දියුණු කිරීම සඳහා සැලසුමක් ආරම්භ කිරීමට අවශ්‍ය නිර්දේශ ද ලබාදී තිබෙනවා.