Search

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් වැඩිපුර PR ගන්න Visa කාණ්ඩය

VISA APPROVAL

ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ සඳහා පැමිණීමට ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් භාවිත කරන වීසා කාණ්ඩය නම් කර තිබෙනවා.

 

ස්වදේශ කටයුතු නිල වෙබ් අඩවියේ දැක්වෙන් පරිදි අවසන් වරට යාවත්කාලින කර දත්ත අනුව 2022-2023 වර්ශය සදහා Employer Sponsored Visa යටතේ පැමිණි ශ්‍රී ලාංකිය සංක්‍රමණිකයින් සංඛ්‍යාව 1078 වනවා.

 

එම අගය මෙතෙක් Employer Sponsored Visa යටතේ ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණි වැඩිම අගය ලෙසයි වාර්තා වන්නේ.

 

මීට අමතරව ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් PR අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන වීසා කාණ්ඩය Regional Visa වන අතර පසුගිය වසරේ දී Regional Visa යටතේ ශ්‍රී ලංකිකයින් 1068ක් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

 

ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය සඳහා වඩාත් ජනප්‍රිය වීසා කාණ්ඩ අතර Partner වීසා කාණ්ඩයද පෙරමුණට පැමිණ ඇති අතර පසුගිය මූල්‍ය වර්ශයේ Partner වීසා යටතේ ශ්‍රී ලාංකිකයින් 554ක් ස්ථිර සංක්‍රමණිකයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

 

තවද Business Innovation and Investment විසා යටතේ 43 දෙනෙක් ද 

Skilled Independent විසා යටතේ 616ක් ද 

State Nomination visa යටතේ 834ක් ද 

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.