Breaking News- ග්‍රේටර් බ්‍රිස්බේන් දින 3කට lockdown කෙරේ.

Annastacia Palaszczuk

අද දින​ ග්‍රේටර් බ්‍රිස්බේන් හි කොරෝනා රෝගීන් 10 ක් වාර්තා කිරීමෙන් පසු දින තුනක lockdown තත්වයකට​ භාජනය වනු ඇතැයි වාර්තා වේ.

මෙම වාර්තා වී ඇති රෝගීන් අතර ප්‍රජා සම්ප්‍රේෂණයෙන් බෝවී ඇතැයි විශ්වාස කෙරෙන රෝගීන් 4ක් සිටින බවට සඳහන්. තවද මෙම කොරෝනා රෝගීන් හට බ්‍රිතාන්‍ය නව කොරෝනා වයිරස් ප්‍රභේදය වැළඳී ඇති බවට සැක පල කෙරේ. මෙම රෝගීන් අතර දෙදෙනෙකුගේ සම්බවය නොදන්නා බවද සඳහන්.

මේ තත්වය සැලකිල්ලට අරගෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගමැති Annastacia Palaszczuk පැවසූවේ අද සවස 5 සිට දින තුනක හදිසි lockdown තත්වයක් ග්‍රේටර් බ්‍රිස්බේන් කලාපයට පමුණුවන බවයි.

ඒ අනුව​, එම කලාපයේ සිටින ජනතාවට මුව ආවරණ අනිවාර්‍ය වන අතර​ ග්‍රේටර් බ්‍රිස්බේන් හි ජනතාවට තම නිවෙස්වලින් පිටව යා හැක්කේ සිල්ලර බඩු මිලදී ගැනීමට​, ව්‍යායාම, රාජකාරී කටයුතු සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යවශ්‍ය හේතු මත පමණි.

නිවෙස්වල අමුත්තන් දෙදෙනෙකුට පමණක් පැමිණීමට​ අවසර ඇති අතර ග්‍රේටර් බ්‍රිස්බේන් නගරයෙන් පිටත රැස්වීම් සඳහා 30 දෙනෙකු උපරිමය වේ.

ග්‍රේටර් බ්‍රිස්බේන් හි පාසැල් වසා දමන අතර​ අත්‍යවශ්‍ය සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් හා ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන විවෘතව පවතින බව සඳහන්.

මෙලෙස තත්වයට භාජනය වන ප්‍රදේශයන් වන්නේ Ipswich, Logan, Redlands, Moreton සහ බ්‍රිස්බේන් කවුන්සිලයට අදාල​ ප්‍රදේශයි.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »