Search

කොටස් වෙළඳපොළ ආයෝජනයට ඔස්ට්‍රේලියාවේ ඉන්න තරුණ ඔබටත් අවස්ථා

තරුණ ඔස්ට්‍රේලියානුවන් වාර්තාගත සංඛ්‍යාවක් කොටස් වෙළඳපොළ ආයෝජනයට එක්වන බව නවතම කොම්සෙක්  (CommSec) දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

 

පසුගිය මූල්‍ය වර්ෂයේ වසරේ කොටස් වෙළඳපොළ තුළ නව ගිණුම්වල සියයට 37ක වැඩිවීමක් වාර්තා වී ඇති අතර, වයස අවුරුදු 40ට අඩු ආයෝජකයින් මිලියන 2.9 ක් මේ වන විට ක්‍රියාකාරීව සිටින බවයි සඳහන් වන්නේ. 

 

එම ප්‍රමාණය කොටස් වෙළඳපොළ ආයෝජකයින්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන බව සඳහන්.

 

ආර්ථික විශේෂඥන් පෙන්වා දෙන්නේ තරුණ ඔස්ට්‍රේලියානුවන් කොටස් වෙළඳපොළ ආයෝජනයට එක්වන්නේ ඔවුන්ට නිවසක් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් ඉතිරියක් නොමැති වුවත් ආයෝජනයෙන් ප්‍රතිලාභයක් අපේක්ෂා කිරීම හේතුවෙන් බවයි.

 

වැඩිහිටි පරම්පරාව කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම අවදානමක් ලෙස සැලකූ අතර වර්තමානයේ දී තරුණ ආයෝජකයින් සැලකිය යුතු ලෙස ක්‍රියාකාරී වෙමින් සිටින බවයි කොම්සෙක් (CommSec) සාමාන්‍යාධිකාරී ජේම්ස් ෆවුල් පැවසුවේ.

 

එමෙන්ම තරුණ ඔස්ට්‍රේලියානුවන් ආයෝජනය කිරීමට තෝරා ගන්නා ක්ෂේත්‍ර ද  පැරණි ආයෝජකයින් තෝරා ගත් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව වෙනස් බව ද හෙළිවී තිබෙනවා.