Search

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්

ඒ අනුව පසුගිය 11 වෙනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි තදබඳයකින් තොරව පවත්වාගෙන යෑමට සුදානම් බවයි අමාත්‍ය විජිත හේරත් සඳහන් කර ඇත්තේ.

ලබන සෙනසුරාදා වන විට විදේශ ගමන් බලපත්‍ර තොගයක් රටට ලැබීමට අපේක්ෂා කරන බව රජය අද නිවේදනය කළා.

නව ඊ-පාස්පෝට් ක්‍රමය යටතේ විදේශ ගමන් බලපත්‍ර 750000 ක් නව සැපයුම්කරුවෙකුගෙන් මිලදී ගැනීමට ටෙන්ඩරයක් අනුමත කර තිබුණ ද පොරොන්දු වූ පරිදි විදේශ ගමන් බලපත්‍ර තොගය ලබා දීමට ඔවුන්ට නොහැකි විම මත මෙම අරබුධය නිර්මාණය වී තිබුණා.

මේ හේතුවෙන් නව විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයාල නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා සිට ආරම්භ කරන බවත් මෙම අර්බුදය නුදුරේදී සම්පූර්ණයෙන් විසඳා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් එහිදි සදහන් කළා

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ 18 ට අඩු තරුණයන්ට Superannuation වෙතින් ලොකු වාසියක් ලැබෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් කොපමණ පැය ගණනක් සේවය කළත් ඔවුන්ගේ වැටුපට පරිභාහිරව Superannuation හිමිවිය යුතු බවට ඔස්ට්‍රේලියානු “Super Members Council” විසින් පෙන්නුම් කර තිබෙනවා.

Read More »