Search

අතුරුදහන් වූ මහලු කාන්තාවගේ මෝටර් රථය හමුවෙයි

සතියකට පමණ පෙර ගංවතුර ඇති වූ අවස්ථාවේ දී අතුරුදහන් වූ කාන්තාවකගේ ගිලී ගිය මෝටර් රථය, එම ප්‍රදේශයේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඇගේ සිරුර මෝටර් රථය තුළ නොවීය.

78 හැවිරිදි ඇඩෙල් මොරිසන් අවසන් වරට සිය පෝට් මැකරි නිවසින් පිටත්ව ගියේ පසුගිය මාර්තු 17 වන අඟහරුවාදා උදේ 6 ට ය.

ඊළඟ දවසේ ඇගේ පවුලේ අය ඇය අතුරුදහන් වූ බව වාර්තා කර තිබේ.

බ්‍රහස්පතින්දා පෙරවරු 11.15 ට පමණ ඇගේ ටොයොටා කොරොල්ලා හැච්බැක් රථය පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ලබන සඳුදා මොරිසන් සොයා ගැනීම සඳහා පොලීසිය ප්‍රදේශය සෝදිසි කිරීමකට ලක් කරනු ඇත.

ගංවතුර හා මාර්ග වැසීම නිසා ඔවුන්ට මේ අවස්ථාවේදී එසේ කිරීමට නොහැකි වී තිබේ.

 

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »