Search

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

ඒ මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “‍ලෙජන්ඩ්ස් ලීග් ”‍ නැමති ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව විභාග වෙමින් තිබෙන නීතිකෘතයකට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට අදාළවයි

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබෙනවා

ඔහු විදෙස්ගතව සිටින බැවින් දිවයිනට පැමිණි පසු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව මෝසමක් මාර්ගයෙන් දැනුම්දී ඇති බව සදහන්

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ 18 ට අඩු තරුණයන්ට Superannuation වෙතින් ලොකු වාසියක් ලැබෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් කොපමණ පැය ගණනක් සේවය කළත් ඔවුන්ගේ වැටුපට පරිභාහිරව Superannuation හිමිවිය යුතු බවට ඔස්ට්‍රේලියානු “Super Members Council” විසින් පෙන්නුම් කර තිබෙනවා.

Read More »