Search

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන ක්ෂේත්‍රය පිළිබඳ නව වාර්තාවකින් හෙළි වී ඇත්තේ ප්‍රධාන අගනගරවල පෙට්‍රල් මිල චක්‍රය (petrol price cycles) වෙනස් වී ඇති අතර එමඟින් රියදුරන්ට ඉන්ධන සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවයි.

NRMA Makes Cents of Fuel වාර්තාවට අනුව සිඩ්නි, බ්‍රිස්බන් සහ මෙල්බන් නගරවල ඉන්ධන මිල චක්‍රය කාලයත් සමඟ දීර්ඝ වී ඇති අතර එය දින 11 සිට 68 දක්වා පරාසයක පවතින බවයි වාර්තා වන්නේ.

එම නගරවල පිරවුම්හල් හිමියන් වැඩි කාලයක් මිල චක්‍රයේ ඉහළම මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන අතර ඒ අනුව එහි රියදුරන් සාමාන්‍යයෙන් පර්ත්, ඇඩිලේඩ්, ඩාවින් සහ හොබාර්ට් යන නගරවලට වඩා පෙට්‍රල්වලට වැඩි මුදලක් ගෙවන බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Newcastle, Queanbeyan, Albury, Bathurst, Dubbo සහ Port Macquarie වැනි බොහෝ ප්‍රාදේශීය නගරවල සාමාන්‍ය පෙට්‍රල් මිල සිඩ්නි නගරයට වඩා අඩු බව වාර්තාවේ දැක්වෙනවා.

සිඩ්නි නගර කලාපයේ සාමාන්‍ය පවුලක් සෑම වසරකම ඉන්ධන වෙනුවෙන් ඩොලර් 5,400 කට ආසන්න මුදලක් වැය කරන බවයි සඳහන් වන්නේ.

මෙම හේතුව මත පසුගියදා NRMA විසින් ඔවුන්ගේ යෙදවුමක් හරහා ඔස්ට්‍රේලියානුවන්ට ඉන්ධන මිල වෙනුවෙන් වැය කෙරෙන මුදල් ඉතිරි කිරීමට නව වැඩසටහනක් ආරම්භ කරනු ලැබුවා.

NRMA ප්‍රකාශක Peter Khoury පැවසුවේ ඔස්ට්‍රේලියානුවන්ට විශේෂයෙන්ම ඉන්ධන මිල චක්‍ර පිළිබඳව සවිස්තරාත්මක අවබෝධයක් ලබා දීම මගින් මුදල් ඉතිරි කර ගැනීමට උපකාරී වනු ඇති බවයි.

NRMA වාර්තාවෙන් පෙන්නුම් කළේ premium ඉන්ධන අලෙවිය ඉහළ ගොස් ඇති අතර E10 වැනි ලාභම පෙට්‍රල් වර්ගවල ජනප්‍රියත්වය පහත වැටී ඇති බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පසුගිය වසර තුළ E10 ඉන්ධන අලෙවිය සියයට 51 කින් පහත වැටී ඇති අතර regular unleaded ඉන්ධන අලෙවිය සියයට 13.1 කින් අඩු වී ඇති බව සඳහන්.

එමෙන්ම premium ඉන්ධන අලෙවිය එම කාලයට තුළ සියයට 18.8 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ බොහෝ සැහැල්ලු වාහන E10 ඉන්ධන මගින් ධාවනය කළ හැකි වුව ද NRMA පෙන්වා දෙන්නේ බොහෝ මෝටර් රථ හිමියන් ඉන්ධනවලට අනවශ්‍ය ආකාරයෙන් වැඩි මුදලක් ගෙවන බවයි.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »