Search

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙය මිල අධික එන්නත් ක්‍රමවේදයක් වන අතර වසර 10ක සිට කොරියාවේ සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රමවේදයක් බව සඳහන්.

රිජර්න් (Rejuran) නමින් හැඳින්වෙන එන්නත මුලින්ම ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ රියැලිටි තාරකාවක් මෙන්ම ව්‍යවසායිකාවක් වන කිම් කාර්ඩේෂියන් විසිනුයි.

මෙල්බන් හි ටාස් කොස්මෙටික් ඇන්ඩ් ස්කින් ක්ලින්ක් හි (Tass Cosmetic & Skin Clinic) වෛද්‍යවරුන් විසින් මෙම එන්නත සම්බන්ධයෙන් අත්හදා බලන බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානුවන්ට මෙම ප්‍රතිකාරයෙන් පසු පැය 24ක් පමණ ගතවන තෙක් සමෙහි රතු පැහැයක් සහ කුඩා ගැටිති මතුවන අතර ඇතැම් අවස්ථාවල සුළු කැසීමක් පවතින බව මූලික අත්හදා බැලීම් මගින් හෙළිවී තිබෙනවා.

ඇස් යට අඳුරු පැල්ලම්, ඇස් යට සියුම් රේඛා සහ රැලි, මුහුණේ සම එල්ලා වැටීම් සහ කැළැල් ඉවත් කිරීමේ හැකියාව මෙම එන්නත මගින් හැකි බව සඳහන්.

වසර 10ක පමණ කාලයක සිට මෙම එන්නත් ප්‍රතිකාරය කොරියාවේ ඉතා ජනප්‍රිය වී පවතින අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේදී ද එය ලබාගැනීමට දැන් අවස්ථාව හිමිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය (TGA) විසින් අනුමත කර තිබුණ ද නිෂ්පාදනයේ සඵලතාවය සනාථ කරන ගැඹුරු අධ්‍යයනයන් ද මෙතක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම එන්නත් ලබා ගැනීම ද ලාභදායී නොවන අතර ඇස් සඳහා ඩොලර් 1000ක් හෝ මුළු මුහුණටම ඩොලර් 2000කට වඩා වැඩි මුදලක් වැයවන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ 18 ට අඩු තරුණයන්ට Superannuation වෙතින් ලොකු වාසියක් ලැබෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් කොපමණ පැය ගණනක් සේවය කළත් ඔවුන්ගේ වැටුපට පරිභාහිරව Superannuation හිමිවිය යුතු බවට ඔස්ට්‍රේලියානු “Super Members Council” විසින් පෙන්නුම් කර තිබෙනවා.

Read More »