Search

ලෙබනනයේ සිටි ඔස්ට්‍රේලියානුවන්ට සහනයක්

ලෙබනනයේ සිටි ඔස්ට්‍රේලියානුවන් රැගත් දෙවන ගුවන් යානය ද සයිප්‍රසයට ගොඩබස්වා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතිකයින් 229 දෙනෙකු පමණ ඊයේ පස්වරුවේ පැමිණි පළමු ගුවන් යානයෙන් ආරක්ෂිතව සයිප්‍රසයට ළඟා වූ අතර තවත් පුද්ගලයින් 200 දෙනෙකු රැගත් දෙවන ගුවන් යානය අද අලුයම ආරක්ෂිතව පැමිණි බවයි සඳහන් වන්නේ.

මෙම සියලු මගින් එතැන් සිට Qantas ගුවන් යානා දෙකක් මගින් හෙට සහ අඟහරුවාදා දින දෙක තුළ සිඩ්නි වෙත රැගෙන යනු ඇති.

මැදපෙරදිග උග්‍රවන ගැටුම්වලින් ආරක්ෂිතව දිවි ගලවා ගත් වයෝවෘද්ධ පුද්ගලයන්ගේ සිට කුඩා ළදරුවන් දක්වා වයස්වල පිරිසක් මෙම ගුවන් යානා මගින් පැමිණ තිබුණා.

මේ වන විට ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් 3000කට අධික සංඛ්‍යාවක් රටින් පිටව යාමට කැමැත්ත පළ කරමින් විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ (DFAT) ලියාපදිංචි වී තිබෙනවා.

ලෙබනනය හැර යන ලෙස ඔස්ට්‍රේලියානු රජය තම පුරවැසියන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටින අතර ෆෙඩරල් රජයේ අමාත්‍ය කැතරින් කිං පැවසුවේ ලෙබනන ගුවන් තොටුපළ වසා දැමීමට සිදු වුවහොත් ඔස්ට්‍රේලියානුවන් බේරා ගැනීමට හදිසි සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

තම නිවෙස බලා යාමට පරිපූර්ණ ගුවන් ගමනක් ලැබෙන තෙක් බලා නොසිට ලැබෙන පළමු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රටින් පිටවන ලෙසටයි අමාත්‍යවරිය අවධාරණය කළේ.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය පෙනි වොන්ග් පැවසුවේ අවදානමට ලක්විය හැකි මගීන්ට ප්‍රමුඛතාවය දෙන අතර තවත් ගුවන් ගමන් සැලසුම් කරමින් සිටින බවයි.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ 18 ට අඩු තරුණයන්ට Superannuation වෙතින් ලොකු වාසියක් ලැබෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් කොපමණ පැය ගණනක් සේවය කළත් ඔවුන්ගේ වැටුපට පරිභාහිරව Superannuation හිමිවිය යුතු බවට ඔස්ට්‍රේලියානු “Super Members Council” විසින් පෙන්නුම් කර තිබෙනවා.

Read More »