ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.
මාරාන්තික මකුළු විෂ හෘදයාබාධ හා බද්ධ කිරීමේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන ඖෂධයක් විය හැකි බවටයි පැවසෙන්නේ.
ලොව ප්‍රථම වරට සිදු කරනු ලැබූ මෙම පර්යේෂණයෙන් සොයාගෙන ඇත්තේ අදාල මකුළු විෂ තුළ ඇති අණුවක් මගින් හෘදයාබාධවලදී හදවත ආරක්ෂා කර ගත හැකි බවයි.
සෑම වසරකම ජීවිත දහස් ගණනක් බේරා ගත හැකි පෙරළිකාර ඖෂධය මාරාන්තික විෂ යොදා ගනිමින් නිපදවා ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින්.
මෙම ඖෂධ ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 17.6ක අරමුදල් ලබාදී ඇති අතර ව්‍යාපෘතිය මගින් හෘදයාබාධ සහ හෘද බද්ධ කිරීම සඳහා සායනික අත්හදා බැලීම් ඉක්මනින් ආරම්භ කරනු ඇති බව සඳහන්.
ඉදිරි වසර 10ක් ඇතුළත මෙම ප්‍රතිකාරය ක්‍රියාවට නැංවීමට පර්යේෂකයන්ට හැකිවනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ .