සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් ට කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහුගේ කළමනාකරු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට අමීර් ඛාන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තමන් හා ඇසුරු කළ පුද්ගලයින්ට සහ සිය කාර්ය මණ්ඩලයට හැකි ඉක්මනින් කොවිඩ් පරීක්ෂණයකට ලක්වන මෙන්ද අමීර් ඛාන් ඉල්ලා සිටිනවා.

මේ අතර ගතවූ පැය 24 තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී ඇත.

පසුගිය නොවැම්බර් මාසයෙන් පසු දිනක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »