Search

Child Care සේවා ලබාගන්න ඔස්ට්‍රේලියානුවන්ට අද ෆෙඩරල් රජයෙන් සුබ පණිවුඩයක්

ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂණ පිරිවැය පහත වැටී තිබෙනවා.

අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පසුගිය වසරට සාපේක්ෂව ළමා ආරක්ෂණ පිරිවැය වියදම් සියයට 13 කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ

ජීවන වියදම් අර්බුදය හමුවේ සෑම දෙයකම මිල ඉහළ යන බව පෙනෙන විට ඔස්ට්‍රේලියානු පවුල් සඳහා මෙය හොඳ ආරංචියක් වන අතර බොහෝ දෙනෙක් ළමා රැකවරණය සඳහා අඩු මුදලක් ගෙවමින් සේවා ලබා ගැනීමට හැකිවනු ඇති.

ඔස්ට්‍රේලියානු පවුල් මිලියනයකට වඩා යම් ආකාරයක රැකවරණයක් යටතේ දරුවන් සිටින අතර Child Care සදහා ලොව ඉහළම ගාස්තු අයකරන රටවල් අතර ඔස්ට්‍රේලියාවේ පැවතියේ පෙරමුණේ යි

ෆෙඩරල් රජය පවසන්නේ එම වියදම්වලින් යම් ප්‍රමාණයක් වැඩි කළ සහනාධාරවලින් කපා හැර ඇති බවයි.

මෙයින් අදහස් කරන්නේ සතියකට දින තුනක් child care සේවා ලබන එක් දරුවෙකු වෙනුවෙන් වසරකට ඩොලර් 120,000ක් උපයන පවුලක් සඳහා ඩොලර් 2140 ක ඉතිරියක් වන බවයි

මෙය රජය විසින් මහජනයාට ලබා දුන් සුබ පණිවුඩයක් බවයි මුල් ළමාවිය අධ්‍යාපන අමාත්‍ය ඈන් ඇලි සදහන් කළේ.

මීට අමතරව ඩොලර් 80,000 ට අඩු වැටුප් සහිත පවුල් සඳහා නොමිලේ Child Care සේවා ලබාදීම මෙම මස මුලදී ඵලදායිතා කොමිසම විසින් නිර්දේශ කර තිබුණා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »