
ඔස්ට්‍රේලියානුවන්ට තමන්ගේම කියා නිවසක් මිලදී ගැනීමට අදාළ නිවාස තැන්පතුවක් ඉතිරි කර ගැනීමට ගත වන කාලය සම්බන්ධයෙන් නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් ජීවත් වන ප්‍රාන්තය සහ ඒ නගර අනුව ඒම ඉතුරුම් සදහා වැය වන කාලය ඉහළ බවයි අනාවරණය වී ඇත්තේ
2024 Helia Home Buyer Sentiment Report විසින් සිඩ්නි හි නිවසක් සඳහා සාම්ප්‍රදායික සියයට 20 ක තැන්පතුවක් ඉතිරි කර ගැනීම සඳහා වසර 14 ක් ගත වන බව සදහන්.

මේ අතර Melbourne, Brisbane සහ Canberra හි නිවසක් මිලදී ගැනීම සඳහා තැම්පතුවක් ඉතිරි කර ගැනීමට වසර 9 ක් ගතවන බවයි වාර්තා වන්නේ
ඇඩිලේඩ් සහ පර්ත්හිදී එය වසර අටක කාලයක් ගතවන අතර හොබාර්ට්හි එය වසර හතක් දක්වා ඉහළ යන බව සදහන්

ඩාර්වින්හිදී එය වසර හයක් ලෙස සදහන් .
තමන්ගේම නිවසක් මලදී ගැනීමට වැය වන තැන්පතුවේ ප්‍රමාණය විශාල වන අතර එය බොහෝ දෙනෙකුට දරාගත නොහැකි තරම් වන අතර එය විශාල කාලයක් ගතවන බවයි වාර්තා වන්නේ
සිඩ්නි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නාගරික කථිකාචාර්ය ලෝරන්ස් ට්‍රෝයි පවසන්නේ
“ඔබ දැනටමත් පෞද්ගලික කුලී නිවසක ජිවත්ව සිට තමන්ගේම නිවසක් මිලදී ගැනීමට මුදල් ඉතිරි කරන්නේ නම් එය කිරීමට වඩාත් අපහසු වන බවයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට (ABS) අනුව, ජුනි මාසයේදී ඔස්ට්‍රේලියාවේ නිවසක සාමාන්‍ය මිල $973,000 දක්වා ඉහළ යාමත් සමඟ නිවාස මිල ගණන් සදහා ළඟා විය නොහැකි ලෙස ඔස්ට්‍රේලියානුවන් අසරණ වී ඇති බවයි.