Search

ශ්‍රී ලාංකිකයාගේ නුවණින් මෙල්බන් කාන්තාව ආදර සබඳතා මූල්‍ය වංචාවකින් ගැලවෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ තම පෙම්වතා බව කියන පුද්ගලයෙකුගේ මුල්‍ය වංචාවකට හසුවීමට ගිය මෙල්බන් පදිංචි කාන්තාවක් ඉන් බේරා ගැනීමට ශ්‍රී ලංකික බැංකු නිලධාරියෙකුට හැකිවී තිබෙනවා.

අදාළ කාන්තාව තම පෙම්වතා බව කියන විදේශිකයෙකුට මුදල් යැවීම සඳහා ජාතික ඔස්ට්‍රේලියානු බැංකුවේ (NAB) මෙල්බර්න් ශාඛාවකට ගොස් තිබුණා.

එහෙත් එම බැංකුවේ පාරිභෝගික උපදේශක නිලධාරියා ලෙසට සිටි ශ්‍රී ලංකිකයෙකු වන ඩිලාන් පතිරණ්නැහැලාගේ නම් නිලධාරියාට මෙම කාන්තාව ලබාදුන් තොරතුරු පිළිබඳ ඇති වූ සැකයක් මත වැඩිදුරටත් සොයා බලා තිබෙනවා.

වයස අවුරුදු 60ක් පමණ වන කාන්තාවට බැංකුවට ගොස් මුදල් යැවීමට උදව් අවශ්‍ය බව පැවසුව ද ලබන්නාගේ වාසගම තමන් නොදන්නා බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

කාන්තාව පෙම්වතාගේ නම සොයා ගැනීමට ඇයට ලැබුණු කෙටි පණිවුඩ ශ්‍රී ලංකික බැංකු සේවකයාට පෙන්වා ඇති අතර එහිදී ඔහු සිද්ධිය පිළිබඳ කරුණු වටහාගෙන තිබුණා.

කෙසේ වෙතත්, එම කාන්තාව දැඩි ලෙස ප්‍රකාශ කර ඇත්තේ තුර්කියේ සිටින තම පෙම්වතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට ඩොලර් 2000ක් යැවිය යුතු බවයි.

එහෙත් මෙම කාන්තාවට සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ පෙම්වතාගේ ගිණුම අත්හිටුවා ඇති බැවින් එම මුදල් යැවීමට නොහැකි වූ බවයි ඩිලාන් පතිරණ කියාසිටියේ.

මුදල් ලබා දෙනු ලබන්නේ කාට ද යන්න ඇය නොදැන සිටි අතර එම පුද්ගලයා ඇය කිසි විටෙකත් මුණගැසී නොතිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකික බැංකු සේවකයා ඔස්ට්‍රේලියා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙවැනි මුල්‍ය වංචාකරුවන් ඉතා කපටි වන අතර මිනිසුන්ගේ කරුණාව හේතුවෙන් එවැනි වංචනිකයන්ට හසුවන බවයි.

අනතුරුව බැංකුවේ මූල්‍ය වංචා විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් මෙම කාන්තාව වංචාවකට හසුවී සිටින බවට දැනුවත් කර ඇති අතර ඇය මෙම වංචාවෙන් ගලවා ගැනීම පිළිබඳ ශ්‍රී ලාංකික බැංකු සේවකයාට ස්තූතිවන්ත වී තිබෙනවා.

ඇයට බැංකු නිලධාරීන් උපදෙස් ලබා දෙමින් සිටියදි සැකකාර විදේශ ජාතිකයා මෙම කාන්තාවට ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඇය කළ කරුණු විමසීම්වලින් සැකකරුගේ වංචාව පිළිබඳ වටහා ගත් බව සඳහන්.

NAB පාරිභෝගික වාර්තා අනුව පසුගිය වසර තුළ ආදර සබදතා වංචා සියයට 29 කින් වැඩි වී ඇති අතර, Scamwatch ඇස්තමේන්තු කරන්නේ 2023 දී ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 40ක් අහිමි ව ඇති බව සදහන්.

ඉන් වැඩිම පිරිසක් අවුරුදු 55ට වඩා වැඩි ඔස්ට්‍රේලියානුවන් බව සදහන්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩිලාන් සදහන් කළේ මෙවැනි තත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින් අවශ්‍ය උපකාර පැතිමට උනන්දු වන්නේ නම් වෙන්න යන විශාල මූල්‍ය වංචා පාලනය කිරීමට හැකිවන බවයි

බැංකු නිලධාරියෙක් ලෙස තම ගණිදෙනුකරුවන්ගේ මූල්‍යමය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම තම යුතු කම ලෙස ඩිලාන් සදහන් කරනවා.

මෙල්බන් කාන්තාවට වෙන්න ගිය $2000ක මූල්‍ය වංචාවෙන් බේරා ගැනීමට හැකිවීම ගැන ඩිලාන් සතුට ප්‍රකාශ කර තිබෙනවා

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »