Search

වික්ටෝරියා හි ගෘහස්ත ක්‍රීඩාංගනයක කුඩා ළමයෙකුට බරපතල අනතුරක් හිමිකරුට වැඩ වරදි

ගෘහස්ථ ක්‍රීඩා පිටියක climbing wall හි නගිමින් සිටි පිරිමි ළමයෙකු ඉන් ඇද වැටි සිදුවු අනතුරෙන් එහි හිමිකරුට ඩොලර් 40000ක දඩයක් නියම කර තිබෙනවා.

මෙම අනතුරෙන් 11 හැවිරිදි පිරිමි දරුවාගේ උරහිස් අස්ථි බිදි තුවාල සිදුව ඇති බව සදහන්.

මිතුරන් දෙදෙනෙකු සමග ක්‍රිඩා කරමින් සිටි ළමයා 4m උසින් මෙලෙස බිම ඇද වැටි ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර 2022 වසරේ මැයි මස 11 වනදා සිදුවුවද ඒ සමබන්ධ නඩුවාර රැසක් පැවති අතර මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් Geelong මහේස්ත්‍රාත් අධිකරණය දී සමාගමට ඩොලර් 12,500 දඩයක දඩුවමක් පණවා තිබුණා.

ක්‍රිඩා මධ්‍යස්ථානය තුළ අවශ්‍ය ආරක්ෂාව  ලබාදීමට නොහැකි වීම හේතුවෙන්  මෙම දඩමුදල් පැනවු අතර යළිත් එම නඩු විභාගය සැප්තැම්බර්  17 වනදා කැදවනු ලැබුවා.

එහිදි සමාගමට  ඩොලර් 40,000 ක දඩයක් ගෙවීමට නියෝග කළ අතර එය මුල් මුදල මෙන් තුන් ගුණයකට වඩා වැඩි වුණා.

පාරිභෝගිකයින් 15 දෙනෙකුට එක් සේවකයෙකුගේ අධීක්ෂණ අනුපාතයක් පවත්වා ගැනීම සහ අවුරුදු 12 ට අඩු දරුවන්ට climbing wall හි නැගීමට අවරස නොදීම වැනි වාරන රැසක් අධිකරණය විසින් Bounce Australia වෙත දන්වා තිබෙනවා.