
Aussies Town of the year වාර්තා අනුව ඔස්ට්‍රේලියාවේ හොඳම දේශීය සංචාරක නගර 10 නම් කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු නගර දහයක් 2024 වසර සඳහා ඉහළම දේශීය සංචාරක ගමනාන්ත ලෙසයි පිළිගෙන ඇත්තේ
නගරයේ වූ දැරිය හැකි මිල, එහි ගුණාත්මකභාවය සහ සංචාරකයින්ගේ තෘප්තිය යන කරුණු පදනම් කරගනිමින් මෙම ගමනාන්ත නම් කර තිබුණා.

Griffith city Council විසින් මෙම නව පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 51 ක් මෙම වසරේ දේශීයව සංචාරය කර ඇති බව සදහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ Bendigo නගරය ඒ අනුව ඔස්ට්‍රේලියාවේ හොදම නගරය ලෙස නම් කර ඇති අතර රන් හා පතල් කැනීම් අතින් එම නගර වඩාත් ප්‍රසිද්ධ වනු ඇති

ඔස්ට්‍රේලියාවේ දෙවන හොඳම නගරය නිව් සවුත්වේල්හි Broken Hill, වන අතර තෙවන ස්ථානය ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Stanthorpe හිමිකර තිබෙනවා.
මීට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Bathurst සහ Griffith යන නගර දෙකම ඔස්ට්‍රේලියාවේ හොදම නගර අතරට අතුල්වීම විශේෂත්වයක්.
2024 Wotif Aussie Town of the Year Award winners:
1. Bendigo, VIC
2. Broken Hill, NSW
3. Stanthorpe, QLD
4. Katherine, NT
5. Bathurst, NSW
6. Tanunda, SA
7. Griffith, NSW
8. Stanley, TAS
9. Exmouth, WA
10. Coober Pedy, SA