
ආබාධිත පුද්ගලයින් පිළිබඳ මහජන ආකල්ප වෙනස් කිරීමේ අරමුණින් ලොව ප්‍රථම වරට නව වැඩසටහනක් දියත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු සුුුදානම් වනවා.
ආබාධිත ක්‍රීඩකයෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරියෙක් වන Dylan Alcott සදහන් කළේ ආබාධිත පුද්ගලයින් පිළිබඳ මහජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට උදව් කිරීම සදහා සිදුකළ ලොව ප්‍රථම මුලපිරීම මෙය බවයි.
එනම් මෙය ඔ ආබාධ සහිත ඔස්ට්‍රේලියානුවන් සඳහා සමාක මාධ්‍ය ඔස්සේ රැකියා ලබා දීම සහ ඒ සදහා දිරිමත් කිරීම මෙහි අරමුණයි.

ඒ වෙනුවෙන් ලොව ප්‍රථම TikTok නාලිකාව ලෙස Shift 20 Casting Call නම් Tiktok ගිණුම ආරම්භ කර තිබෙනවා
TikTok සහ inclusive Acting and modeling agency Zebedee යන සමාගම් සමඟ හවුල්කාරිත්වයෙන් මෙම නව වැඩපිලිවෙළ දියත් කෙරුණු අතර ආබාධ සහිත පුද්ගලයින්ට
වෘත්තීය මාවතට උනන්දුවක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි

Shift 20 ව්‍යාපාරය මගින් ආබාධ සහිත පුද්ගලයින්ට කළ හැකි රැකියා මෙන්න අභිමානවත් ලෙස සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ජීවත්වීමට අවකාශය නිර්මාණය කිරීම අරමුණ බවයි Dylan Alcott සදහන් කළේ
ආබාධ සහිත පුද්ගලයින් Shift 20 ව්‍යාපාරය මගින් එක් කරන මෙන් Dylan Alcott සමාජ මාධ්‍ය පරිශිලකයින්ගෙන් ඉල්ලිමක් කරනවා.
අබාධ සහිත වීම යනු දක්ෂතා රහිත වීමක් හෝ නොහැකියාවක් නොවන බව සමාජයට ඒත්තුගැන්වීය යුතු බව Shift 20 ව්‍යාපාරය වැඩිදුරටත් සදහන් කරනවා.