Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනකට අද තද වැසි සුළගත් වැඩි වෙයි

නිව් සවුත් වේල්ස් , ක්වින්ස්ලන්ඩ් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත තුනට හදිසි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කාළගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කර ඇත්තේ මෙම ප්‍රාන්ත තුනට තද සුළං සමග දැඩි වර්ෂාපතනයක් ඇදහැළෙන බැවින් ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි.

NSW වෙරළට ඔබ්බෙන් වර්ධනය වන අඩු පීඩන තත්වය හේතුවෙන් තද සුළං සහ තද වැසි ඇද හැලෙන බැවින් ප්‍රාන්ත තුනකට හදිසි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සදහන්

නිව් සවුත් වේල්ස් හි උතුරු සහ මධ්‍යම වෙරළ තීර රළු ස්වභාවයක් ගන්නා අතර ජනතාව ඒ පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

කාලගුණ විද්‍යාඥ රොබ් ෂාප් පැවසුවේ සුළි කුණාටු තත්වය බටහිර වෙරළ හරහා ගමන් කරන බැවින් වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වලට අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »