ලංකාවේ ඉස්සන් වගාව කාර්යක්ෂම කිරීමට සහාය ඕස්ට්‍රේලියාවෙන්

ශ්‍රී ලංකාව තුළ මිරිදිය කරදඬු ඉස්සන් වගාව ඉහළ විභවයක් සහිත ව්‍යාපාරයක් වශයෙන් දියුණු කර ග්‍රාමීය ධීවර ප්‍රජාව වෙත ප්‍රතිලාභ අත්කර දිය හැකි ක්ෂේත්‍රයක් බව හඳුනාගෙන ඇත.
එම ඉස්සන් පැටව් මිරිදිය ජලාශයන්ට මුදා හැරීම විද්‍යානුකූලව සිදු නොවන බැවින්, ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ ඕස්ට්‍රේලියාවේ ජෙම්ස් කුක් විශ්වවිද්‍යාලය (James Cook University of Australia) සමඟ එක්ව එකී පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අදාළ ආයතන අතර පර්යේෂණ ගිවිසුමකට එළඹීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »