
වික්ටෝරියානු රජය නැඟෙනහිර ප්‍රදේශයේ ගොවීන්ගේ දේපළ වලින් ඩිංගෝ සුනඛයින් මර්ධනය සදහා අවසර ලබා දී තිබෙනවා
ව්ජවික්ටෝරියා අඟහරුවාදා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ ඊසාන සහ නැගෙනහිර වික්ටෝරියා ප්‍රදේශයේ ඩිංගෝ සුනඛයින්ට එරෙහි “අනාරක්ෂිත” නියෝගය ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බවයි
ඒ අනුව 2028 ජනවාරි 1 වන දින දක්වා පුද්ගලික ඉඩම්වල සහ පොදු ඉඩම් මායිමේ ඩිංගෝ සුනඛයින් මාරාන්තික පාලනයට අවසර හිමිවනු ඇති

Mitta Valley හි ගොවියෙක් වන Judy Cardwell ඇයගේ හෙක්ටයාර 121 ක දේපලෙහි ගවයන් සහ බැටළුවන් පවත්වාගෙන යන අතර ඇය සදහන් කලේ ඩිංගෝ සුඛකයින් නිසා තමන්ට බැටළුවන් රැසක් අහිමි වු බවයි.
කෙසේ වෙතත් සත්ව සංවිධාන මෙම තීරණය භාර නොගන්නා බවයි දැනුම් දි ඇත්තේ

වික්ටෝරියානු ජාතික වනෝද්‍යාන සංගමය (VNPA) කියා සිටියේ 2028 දක්වා ඩිංගෝ මාරාන්තික පාලනය දිගටම කරගෙන යාමට රජය ගත් තීරණය පිළිබඳව “දැඩි කලකිරීමකින් පසුවන බවයි.