Search

මාස 7ක් අතුරුදන් මෙල්බන් මවගේ දේහය සොයා අධි අවදානම් කලාපයකට ඇතුල් වෙයි

පසුගිය පෙබරවාරි 7 වනදා සිට අතුරැදන්ව සිටි මෙල්බන් තිදරැ මවක් වන සමන්තා මර්ෆිගේ දේහය සේවීමේ දින තුණක අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත් අසාර්ථක වී තිබෙනවා

වික්ටෝරියා පොලිසිය පසුගිය අඟහරුවාදා සිට යළිත් අතුරුදන් වූ බැලරට් මවගේ දේහය සොයා නව විමර්ශනයක් ආරම්භ කෙරුණා.

දින තුනක සෝදිසි කිරීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් වික්ටෝරියා පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අයිතමයක් සොයා ගැනීමට අපොහොසත් වූ බවයි.

අතුරුදන් කාන්තාවගෙ දේහය සොයා මෙතක් හඳුනා නොගත් බිම් බෝම්බවලින් පිරී ඇති බැරලට් ආසන්න ප්‍රාන්ත වනාන්තරයක නව මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා

මෙය ඉතා අවධානම් කළාපයක් වන අතර මීට පෙර මෙම ප්‍රදේශයෙ මෙවැනි සොදිසි කිරීම් කිසිවක් සිදුකර නොමැති අතර මේ සඳහා නිලධාරීන් 45 ක් පමණ යොදවා ඇති බව සදහන්.

මේ වන විටත් පරීක්ෂණය දිගටම සිදුවෙමින් පවතින අතර මේ මොහොතේ මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිදුර විස්තර සැපයීමට නොහැකි බවයි පොලීසිය සදහන් කළේ.

51 හැවිරිදි සමන්තා මර්ෆිගේ මළ සිරුර සොයා ගැනීමේ නවතම ප්‍රයත්නයට නිලධාරීන් අශ්වයන්, සුනඛයින් සහ යතුරුපැදිවල ආධාරයෙන් රළු සහ තෙත් භූමි ප්‍රදේශය ගවේෂණය කරමින් සිටින බව සදහන්.

පසුගිය ජුනි මාසයේදී මර්ෆිගේ නිවසේ සිට මිනිත්තු 10ක් පමණ දුරින් පිහිටි වේල්ලක් අසල තිබී ඇගේ ජංගම දුරකථනය සොයා ගැනීමට පොලිස් රහස් පරීක්ෂකයින් සමත්වුවද මෙහෙත් ඇයගේ දේහය සම්බන්ධ කිසිදු තොරතුරක් අනාවරණය නොවීම ගැන බොහො දෙනා මවිතයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පැට්‍රික් ස්ටීවන්සන් නම් තරුණයාට ඇගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළද ඇගේ සිරුර තවමත් සොයා ගැනීමට නොහැකි වුණා