
NSW ප්‍රාන්තයේ කාන්තාවට මෙම සතියේ සිට උපත් පාලන පෙති ලබා ගැනීම සඳහා වු ප්‍රවේශ ලිහිල් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා
ඒ අනුව පසුගිය වසර දෙක තුළ උපත් පාලන පෙති ලබා ගන්නා කාන්තාවන්ට තම වෛද්‍යවරයා සමඟ හමුවීමක් වෙන්කරවා ගැනීම වෙනුවට සහතික කළ ඖෂධවේදියෙකු විසින් ඊට අදාළ ඔෂධ ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
සැප්තැම්බර් මාසයේ සිට ෆාමසි 1000කට අධික ප්‍රමාණයක මෙම අත්හදා බැලීම දියත් කර ඇති අතර වයස අවුරුදු 18 සිට 35 දක්වා සුදුසුකම් ලත් කාන්තාවන්ට අඩු අවදානම් සහිත උපත් පාලන පෙති ඖෂධවේදියෙකු හරහා ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා

ඒ අනුව NSW කාන්තාවන්ට මාස 12ක් දක්වා එලෙස ඖෂධවේදියෙකු හරහා උපත් පාලන පෙති වෙත ප්‍රවේශ විය හැකි බව සදහන්
තවත මෙම ප්‍රවේශය උපත් පාලනය සඳහා පමණක් නියම කර ඇති පෙති වලට පමණක් අදාළ වනු ඇති.

මෙම පෙති සදහා නිර්දේශ කර ඇති සුදුසුකම් සහිත කාන්තාවන් ඖෂධවේදියා වෙත පැමිණිමේදි පෙර ලබාගත් උපත්පාලන පෙති රැගෙන ආ යුතු බව සදහන්
අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් පැවසුවේ මෙම සේවාව මගින් කාන්තාවන්ට දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවා ලබා ගත හැකි අතර අවශ්‍ය තැන්වලදී ,අවශ්‍ය වේලාවට ඒ සදහා ප්‍රවේශ වීමට පහසු වන බවයි
NSW සෞඛ්‍ය අමාත්‍ය Ryan Park පැවසුවේ මෙම යෝජනා ක්‍රමය මඟින් කාන්තාවන්ට යම් පහසුවක් සිදුවන අතර සෞඛ්‍ය සේවා පද්ධතියෙන් පීඩනය ලිහිල් වන බවයි.