Search

විදේශ සක්‍රමණිකයින්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින් අරක්ෂාව පිළිබද ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් දැනුවත්කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පසුගිය ජූලි පළමුවනදා සිට ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීති පද්ධතියට වෙනස්කම් රැසක් එක්කළ අතර ඒ පිළිබද දැනුවත් කිරීම් පුලුල් කල යුතු බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

1958 සංක්‍රමණ පනත සංක්‍රමණික සේවකයි සූරාකෑම මැඩපැවැත්වීම සඳහා යළි සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය පියවරගෙන තිබෙනවා.

නව සංශෝධන මගින් සේවා යෝජකයින් සහ ශ්‍රම දාමයේ අනෙකුත් පුද්ගලයින් සූරාකෑම සඳහා කිසිදු අවස්ථාවක් හිමි නොවන බව සදහන්.

නව සංශෝධන යටතේ තාවකාලික සංක්‍රමණික සේවකයින් සූරාකෑම අවම කිරීම, සේවායෝජකයාගේ අනුකූලතාව වැඩි කිරීම, රැකියා ස්ථානයේ යුක්තිගරුක ලෙස සේවයේ නිරතවීමට සංක්‍රමණිකයින්ට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.

රැකියාවට අදාළ වීසා කොන්දේසි කඩ කිරීමට තාවකාලික වීසා හිමියෙකුට බල කිරීම හෝ බලපෑම් කිරීමට කිසිදු ආයතන ප්‍රධානියෙකුට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට අවස්ථාව හිමිවන්නේ නැහැ

වලංගු වීසා බලපත්‍රයක් නොමැති පුරවැසියෙකු නොවන අයෙකුට රැකියාවට අදාළ විධිවිධානයක් පිළිගැනීමට හෝ එකඟ වීමට බල කිරීම හෝ බලපෑම් කිරීම වැනි කරුණු වලට සංක්‍රමණිකයින් යටත් නොවන ලෙස නීති
සංශෝධනය කර තිබෙනවා.

මීට අමතරව සංක්‍රමණික සේවකයෙකුට අඩු වැටුප් ගෙවීම,
සංක්‍රමණික සේවකයෙකුට ඔවුන්ගේ වීසා කොන්දේසි අනුව අවසර දී ඇති පැය ගණනට වඩා වැඩි කාලයක් වැඩ කිරීමට බලපෑම් කිරීම,
සංක්‍රමණික සේවකයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කරන බවට තර්ජනය කිරීමට කිසිවෙකුටත් අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

සංක්‍රමණික සේවකයෙකුට අනවශ්‍ය ලිංගික ක්‍රියාවල යෙදීමට බල කිරීම, සංක්‍රමණික සේවකයෙකුට ලැබිය යුතු යටිතල පහසුකම් කපා හරින බවට තර්ජනය කිරීමට කිසිවෙකුටත් හිමිකම් නොමැති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

යම් සංක්‍රමණිකයෙකු සේවා ස්ථානයේ සූරාකෑම ලක්වන්නේ නම් ඒ පිළිබද ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඔස්සේ ඔම්බුට්ස්මන් වරයා හා සම්බන්ධ වන ලෙස වැඩිදුරටත් සදහන්

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »