Search

නවක සංක්‍රමණිකයින් අතර හොදම නගරය මෙල්බන් වෙයි?

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් වැඩි දෙනෙක් මෙල්බන් සහ සිඩ්නි යන ප්‍රධාන නගර තෝරාගන්නා බව නවතම දත්ත අනුව අනාවරණය වී තිබෙනවා.

Institute of Public Affairs විසින් නිකුත් කල නවතම සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ 2021 සහ 2023 අතර ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින්ගෙන් සියයට 29ක් පමණ සිඩ්නි වෙත පැමිණ ඇති බවයි

එම අගය සංඛ්‍යාත්මකව 214,000ක් පමණ බව සදහන්.

තවද Daily Telegraph වාර්තා අනුව මෙල්බන් නවක සංක්‍රමණිකයින් සදහා වඩාත් ජනප්‍රිය දෙවන නගරය ලෙස එහි වැඩිදුරටත් සදහන්.

එනම් මෙල්බර්න් නගරයට ආසන්න වශයෙන් සියයට 28 ක් හෝ 206,000 ක නව සංක්‍රමණිකයින් පිරිසක් පැමිණීම ඇති බවයි වාර්තා වන්නේ.

The Australian Population Research Institute ඔස්ට්‍රේලියානු ජනගහන පර්යේෂණ ආයතනය සදහන් කර ඇත්තේ මෙම දත්ත ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති සිසුන් මත පදනම් වන බවයි.

කෙසේ වෙතත් එම වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙම සංක්‍රමණික දත්‍ත කුලි නිවාස වෙලඳපල සදහාද බලපෑම් කරන බවයි.

තවද නව සංක්‍රමණිකයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම නාගරික ප්‍රදේශයක පදිංචි ඇති බව Institute of Public Affairs වාර්තා පෙන්වා දෙනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »