
මුත්‍රාශයේ පිළිකා ඇති රෝගීන්ගෙන් තුනෙක් දෙකකට වැඩි ප්‍රමාණයක මුත්‍රා සමග ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිශ්‍රව පවතින බව සොයාගෙන තිබෙනවා
මුත්‍රාශ්‍රය ආශ්‍රිත පිළිකා ඇති රෝගීන් අතර පමණක් නොව වකුගඩු රෝගීන්ගේ මුත්‍රා වලද මෙලෙස ක්ෂුද්‍ර ප්ලාස්ටික් වැඩි වශයෙන් හමුව ඇති බව සඳහන්.
රෝගීන්ගේ මුත්‍රා සාම්පල වෙන වෙනම ගෙන මෙම අධ්‍යනය සිදු කර ඇති අතර ක්වින්ස්ලන්ඩ් හි බොන්ඩ් විශ්ව විද්‍යාලය විසින් මෙම අධ්‍යනය සිදු කර තිබුණා.

මුත්‍රාශයේ පිළිකාවක් ඇති බවට හඳුනාගෙන ඇති රෝගින්ගේ මුත්‍රා සාම්පලවලින් සියයට 68ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් හෝ ඊටත් වඩා කුඩා නැනෝ ප්ලාස්ටික් තිබූ අතර ඒවා ආහාර ජීර්ණ පටක හරහා රුධිරයට සංක්‍රමණය විය හැකි බවයි අනාවරණය වී ඇත්තේ
කෙසේ වෙතත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මහජන සෞඛ්‍යයට අවදානමක් නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකළ ප්‍රකාශය මෙම ඔස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමඅභියෝගයට ලක් කරනවා.

මීට පෙර ඉතාලි පර්යේෂකයින් පිරිසක් හෘද රෝග රෝගීන්ගෙන් අඩකට වඩා අවහිර වූ ධමනිවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයා ගෙන තිබුණා.
විශේෂයෙන් තේ බෑගයක් වැනි සරල දෙයක් පවා ප්ලාස්ටික් වලින් ආලේප කර ඇති අතර එය උතුරන වතුරට දැමු විට ලාස්ටික් අංශු බිලියන ගණනක් පුද්ගලයෙකුගේ තේ වලට මුදා හරින බව උදාහරණයක් ලෙස පර්යේෂණකයින් පෙන්වා දි තිබෙනවා.
2019 වසරේ දී ප්ලාස්ටික් ටොන් මිලියන 368 ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර එය 2039 වන විට දෙගුණයක් වනු ඇතැයි සදහන්.
ඒ අනුව බෝතල් කළ පානිය ජලයෙහි වූ සාම්පලවලින් සියයට 93ක ක්ෂුද්‍ර සහ නැනෝ ප්ලාස්ටික් පවතින බව අනාවරණය වෙනවා.
කෙසේ වෙතත් මිනිස් මුත්‍රා මාර්ගයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල පැවැත්ම සහ එහි බලපෑම් පිළිබඳ සිදුකළ ලොව පළමු පර්යේෂණය මෙය බව සදහන්.