Search

SIM කාඩ් 1200ක් යොදාගෙන ඔස්ට්‍රේලියාවේ දී මූල්‍ය වංචා සිදුකළ අනවසර සංක්‍රමණිකයාට වැඩ වරදි

ඔස්ට්‍රේලියාවේ නිති විරෝධී ලෙස රැදී සිටිමින් විවිධ අපරාධ වලව සම්බන්ධව අත්අඩංගුවේ පසුවු චීන ජාතිකයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු දුරකථන වෙත ව්‍යාජ කෙටි පණිවිඩ මිලියන 4.9ක් පමණ යොමු කරමින් විවිධ අපරාධ වලට සම්බන්ධවීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා

චීන ජාතිකයා කල් ඉකුත් වූ වීසා බලපත්‍රයක් මත ඕස්ට්‍රේලියාවේ රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ.

30 හැවිරිදි චීන ජාතිකයා පදුගිය අඟහරුවාදා සයිබර් අපරාධ රහස් පරීක්ෂකයින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිසිය විසින් සෝදිසි වරෙන්තුවක් ද ඇතිවයි.

ඔහු විසින් මෙම වංචනික කෙටි පණිවුඩ යොමු කිරීම සඳහා සිම් කාඩ්පත් 1200කට ප්‍රමාණයක් උපයෝගිකරගෙන ඇති බව සඳහන්.

සැකකරු කෙටි පණිවුඩ ඔස්සේ පුද්ගලයින්ගේ මූල්‍ය සහ පෞද්ගලික තොරතුරු සොරකම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර නඩුව ඔක්තෝම්බර් මාසයේදී නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »