Search

ඔස්ට්‍රේලියාවේ හොඳම ආර්ථික ගැන වික්ටෝරියා ප්‍රාන්තයෙන් සුබ පණිවුඩයක්

ඔස්ට්‍රේලියාවේ හොඳම ක්‍රියාකාරී ආර්ථික ශ්‍රේණිගත කිරීමෙන් වික්ටෝරියා ප්‍රාන්තය පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

CommSec State of the States වාර්තාවට අනුව වසරකට වැඩි කාලයක් තුළ ප්‍රථම වතාවට වික්ටෝරියා ප්‍රාන්තය රටේ ඉහළම ක්‍රියාකාරී ආර්ථිකයක් බවට පත්ව ඇති බව සදහන්.

මීට පෙර සමීක්ෂණ ප්‍රතිපල අනුව වික්ටෝරියා ප්‍රාන්තය පස්වන ස්ථානයේ පසුවූ අතර වසරක් වැනි කෙටි කලක දී පස්වන ස්ථානයේ සිට පළමු ස්ථානයට පැමිණීම කාගේත් අවදානයට යොමුව තිබෙනවා.

ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරකම්,ශක්තිමත් සිල්ලර වියදම්, ව්‍යාපාරික ආයෝජන වැඩි කිරීම සහ වසර හතකට ආසන්න කාලයක් තුළ ජනගහන වර්ධනය වැනී හේතු මේ සදහා බලපා ඇති බව සදහන්.

හොඳම ක්‍රියාකාරී ආර්ථික ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය දකුණු ඔස්ට්‍රේලියාව හිමිකරගෙන තිබෙනවා.

ආර්ථික වර්ධනය, සිල්ලර වියදම්, උපකරණ ආයෝජන, විරැකියාව, ඉදිකිරීම්, ජනගහන වර්ධනය, නිවාස මූල්‍යකරණය සහ වාසස්ථාන ආරම්භය වැනි ප්‍රධාන දර්ශක සංසන්දනය කරමින් එක් එක් ප්‍රාන්ත සහ ප්‍රදේශය මෙහිදි ඇගයීමට ලක් වුණා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »