Search

AFL අවසන් මහා තරගය අදයි Sydney Swans ද? Brisbane Lions ද?

අද මෙල්බන් හි පැවැත්වෙන ‍AFL අවසන් මහා තරගාවලිය නැරඹීම සඳහා දහස් ගණනක් ප්‍රේක්ෂකයින් මෙල්බන වෙත මේ වන විටත් පැමිණෙමින් තිබෙනවා.

Sydney Swans සහ Brisbane Lions යන කණ්ඩායම් දෙක අවසන් තරගය සඳහා තරගවැදීමට නියමිත අතර තරගයට පෙර පැවැත්වෙන AFL පෙළපාලියද ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය අංගයක් ලෙස සදහන්.

ඒ අනුව පෙළපාලි සැමරුම් සදහා දහස් සංඛ්‍යාත රසිකයින් මේ වන විටත් මෙල්බන් වෙත පැමිණ තම ස්ථානය වෙන්කරගෙන ඇති බව සඳහන්

අද පස්වරු 2.30ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී AFL තරගාවලිය ආරම්භවීමට නියමිත අතර තරගය පැවැත්වීමට පෙර නොයෙක් විනෝදාංශ සහ පෙළපාලී නගරය පුරා සංවිධානය කර තිබෙනවා.

පෙළපාලිය පෙරවරු 10.40 ට පමණ ආරම්භ වන අතර Birrarung Marr , MCG සිට Yarra Park පසුක එම පෙළපාලි සංවිධානය කර ඇති බව සදහන්.

AFL Grand Final Parade ඊයේ සහ අද යන දෙදින තුළම සංවිධානය කර තිබෙන අතර ඒ සදහා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ද සහභාගිවීම විශේෂත්වයක්

AFL තරගාවලියේ විශාලතම සංදර්ශනය නැරඹීමට 100000කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනයට පැමිණෙමින් සිටින බව සදහන්

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »