
ඉදිරි දශකය තුළ ගෝලීය වශයෙන් වැඩි ඉල්ලුමක් පවතින එමෙන්ම ඉහළම වැටුප් ලබන රැකියා 10 නම්කර තිබෙනවා.
GoBankingRates වාර්තා පෙන්නුම් කරන්නේ මෙම රැකියා කෘතිම බුද්ධිය හා සමකල නොහැකි බවයි
ඒ අනුව එම රැකියා ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානය ව්‍යාපෘති කළමනාකරු තනතුර නම් කර ඇති අතර ව්‍යාපෘති ඉලක්ක සහ විෂය පථය හඳුනා ගැනීම, ව්‍යාපෘති කාර්යයන් සැලසුම් කිරීම සහ ලේඛනගත කිරීම සහ බෙදා හැරීම් ව්‍යාපෘති කළමනාකරුවන් වගකිව යුතුයි.

ඉහළ ව්‍යාපෘති කළමනකරණ තනතුරක සාමාන්‍ය වැටුප ඩොලර් 135,000 ක සහ ඩොලර් 155,000 අතර වනවා.
මෙහි දෙවන ස්ථානය සයිබර් ආරක්ෂාව සම්බන්ධ රැකියා වන අතර ඒ පිළිබඳ විශේෂඥයින් වෙන කවරදාටත් වඩා ගෝලීය වශයෙන් අවශ්‍ය වනු ඇති.

ඔවුන්ගේ සාමාන්‍ය වැටුප සදහන් වන්නේ ඩොලර් 110,000 ත් ඩොලර් 130,000 අතර අගයකයි.
මෙහි තුන්වන ස්ථානය් ගුරුවෘත්තිය වන අතර මානව සම්පත් විශේෂඥ සේවා එහි සිව්වන ස්ථානයට නම් කර තිබෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රය ද ලොව ඉහළ පිළිගැනීමක් සහිත රැකියා නිර්මාණය කරන අංශයක් ලෙස සැලෙකෙන අතර සමාජ සේවක තනතුරුද ඉහල වැටුප් ලබන රැකියා අතරට ඇතුලත්.
මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් එමෙන්ම නිර්මාණකරුවන්ද ඉහළ පිළිගැනීමක් සහිත රැකියා අතරට එක්වනවා.
එම ශ්‍රේණිගත කිරීම් අනුව 10වන ස්ථානයට නම් කර ඇත්තේ ගනකාධිකාරීන් වන අතර ඔවුන්ගේ සාමාන්‍ය වැටුප සදහන් වන්නේ ඩොලර් 70000ත් 80000ත් අතරයි.